Update : බුලත්සිංහල සහ හිගුරක්ගොඩත් අයවැය පරදී.

Tuesday, 31 December 2013 - 11:35

Update+%3A+%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සහ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය අද දෙවන වරටත් පරාජයට පත්වුණා.

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (31) දෙවනවරටත් ඉදිරිපත් කළ සභාපති තුසිත කුලරත්න විසින්. එහිදී අයවැයට පක්ෂව හිමිවුණේ ඔහුගේ ඡන්දය පමණයි. අනෙකුත් මන්ත්‍රීවරුන් 11 දෙනාම විපක්ෂව ඡන්දය භාවිත කළා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු මෙම ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය ද අද වැඩි ඡන්ද 3 කින් දෙවන වරට පරාජයට පත්වුණා. එය පළමුවර පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 6 කින්. කෙසේ වෙතත්, ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න අද සභාවට පැමිණ නොසිටි අතර, ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගේ දැනුම්දීම මත උප සභාපතිවරයා විසින් සභාව මෙහෙයවා තිබෙනවා.
 
මේ අතර, පොළොන්නරුව - මැදිරිගිරිය සහ ලංකාපුර යන ප්‍රාදේශීය සභාවල අයවැය දෙවනවර ඡන්ද විමසීම ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි අම්පාර - දමන සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය ද ඊයේ දෙවන වරටත් පරාජයට පත්වුණා.

 
Update : Tuesday, 31 December 2013 - 12:55


------------------------------------------------------------------
බුලත්සිංහල අයවැය දෙවන වරටත් පරදී.

Tuesday, 31 December 2013 - 11:35

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (31) දෙවන වරටත් පරාජයට පත්වුණා. අයවැයට පළාත් සභාවේ සභාපති තුසිත කුලරත්න පමණක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර අනෙත් ඡන්ද 11 ම ලැබී ඇත්තේ විපක්ෂවයි. සන්ධානයට බලය හිමි බුලත්සිංහල ප්‍රාදේශීය සභාව නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගෙන් සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනෙකුගෙන් සැදුම් ලබනවා. මීට පෙර අයවැය පළමුවර ඉදිරිපත් කළ අවස්ථාවේදී ද එය පරාජයට පත් වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories