අපේක්ෂක කාර්යාල වැඩි කරන්න. - හෙළ උරුමය.

Tuesday, 31 December 2013 - 12:52

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA.
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයින් සඳහා වැඩි මැතිවරණ කාර්යාලය සංඛ්‍යාවක් පිහිටුවීමට අවසර දෙන්නැයි ජාතික හෙළ උරුමය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අද (31) උදෑසන එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නීතීඥ උදය ගම්මන්පිල මැතිවරණ කොමසාරිස්වරයා මුණ ගැසුණා. එම අවස්ථාවේදී තමන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මෙම ඉල්ලීම සිදුකළ බවයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
 
මැතිවරණ නීතියට අනුව, අපේක්ෂකයෙකුට කාර්යාලයක් පවත්වාගෙන යා හැක්කේ තම නිවසේ පමණයි. මේ අතර, දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමසාරිස්වරයා ජනවාරි මස 3 වැනිදා හමුවීමට ද නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories