වීඩීයෝ : Update : ප්‍රාදේශීය අයවැය 4 ක් සන්ධානය අදත් පරදී.

Tuesday, 31 December 2013 - 15:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+4+%E0%B6%9A%E0%B7%8A++%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි  බුලත්සිංහල, හිගුරක්ගොඩ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය සභාවල මෙන්ම ජාඇල නගර සභාවේ අයවැය අද දෙවන වරටත් පරාජයට පත්වුණා. එසේම අයවැය ඡන්ද විමසීම් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභා කිහිපයක අද විවිධ ගැටළු මතුවී තිබෙනවා.

ජාඇල නගර සභාවේ අයවැය අද දෙවනවර පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 5 කින්. අයවැයට එරෙහිව ඡන්ද 7 ක්ද, පක්ෂව ඡන්ද 5 ක්ද හිමිවුණා.  

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ අයවැය අද දෙවනවරටත් ඉදිරිපත් කළේ සභාපති තුසිත කුලරත්න විසින්. එහිදී අයවැයට පක්ෂව ඔහුගේ ඡන්දය පමණක් හිමිවූ අතර අනෙකුත් මන්ත්‍රීවරුන් 11 දෙනාම විපක්ෂව ඡන්දය භාවිත කළා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු මෙම ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. 

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය ද වැඩි ඡන්ද 3 කින් අද දෙවන වරටත් පරාජයට පත්වුණා. ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න අද සභාවට පැමිණ සිටියේ නැහැ. ඔහු හිඟුරක්ගොඩ රෝහලට අද උදෑසන ඇතුළත් කර තිබුණේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත් සභාපතිවරයාගේ සුවදුක් බැලීම සඳහා මන්ත්‍රීවරුන් පිරිසක් රෝහලට ගොස් සිටි අවස්ථාවේ උප සභාපතිවරයා අයවැය ඉදිරිපත් කර ඇති බවට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ආර්.එම්. විජේසිංහ චෝදනා කළා.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රත්නායක සඳහන් කළේ.

සන්ධානය බලය හොබවන හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ අයවැයද අද දෙවන වර වැඩිඡුන්ද 5 කින් පරාජයට පත්වුණා. ඊට පක්ෂව ඡන්ද 8 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 13ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් හතරදෙනෙකු එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සමග එක්ව අයවැයට එරෙහිව ඡන්දය භාවිත කර තිබෙනවා.

මේ අතර, පොළොන්නරුව - මැදිරිගිරිය සහ ලංකාපුර යන ප්‍රාදේශීය සභාවල අයවැය දෙවනවර ඡන්ද විමසීම ද අද පැවැත්වීමට නියමිතව තිබුණා.  එහෙත් ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති මංජු ශ්‍රී අලූත්වත්ත සහ එහි ලේකම්වරිය අද සභාවට පැමිණ සිටියේ නැහැ.

පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ සිටම ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සභා ගර්භයේ රැඳී සිටියා. 

මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ අයවැය අද දෙවන වර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් සභාපතිවරයා හෝ ලේකම්වරයා සභාවට පැමිණ සිටියේ නැහැ.  

අදාල තත්ත්වය පිළිබඳව කරුණු විමසීමට අප මැදිරිගිරිය ප්‍රදේශීය සභාවේ සභාවේ සභාපති ආනන්ද ධර්මසේන ඇමතුවත් ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිත කර තිබුණා. අයවැය පළමුවර ඉදිරිපත් කිරීමේදී ගැටළුකාරී තත්ත්වයක් මතුවූ  දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ අයවැය අද යළි පළමුවරට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එයද සිදු නොවුණේ සභාපති ජගත් සමරවික්‍රම සභාවට නොපැමිණිම හේතුවෙන්.

මේ අතර නව සභාපතිවරයෙකු යටතේ ඉදිරිපත් කළ කැස්බෑව නගර සභාවේ 2014 අයවැය අද වැඩි ඡන්ද 9 කින් සම්මත වුණා. මීට පෙර හිටපු සභාපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ අවස්ථා දෙකෙහිදීම පරාජයට පත්වීම හේතුවෙන් නව සභාපති ලෙස සුමන රණවීර පත්කළ අතර අද පැවති ඡන්ද විමසීමේදී හිටපු සභාපතිවරයාද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

පළමුවර අයවැය පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි පස්සර ප්‍රාදේශීය සභාවේ අයවැය අද දෙවන වරට ඉදිරිපත් කළ අවස්ථාවේදී වැඩි ඡුන්ද 3 කින් සම්මත වුණා. එහිදී සන්ධාන මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුද අයවැයට එරෙහිව ඡුන්දය භාවිත කළ අතර තවත් මන්ත්‍රිවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයාද ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. එහෙත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සියලූදෙනා මෙහිදී පක්ෂව ඡන්දය භාවිත කළා.

කෙසේ වෙතත් අයවැය සම්මත වී ඇත්තේ පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ඒ. කාදර් මව්ලවිතුමන්ලා දෙදෙනෙකු ඉදිරියේ ලබන වසරේ මාර්තු 31 වැනිදායින් පසු සභාපති ධුරය උප සභාපතිවරයාට ලබාදෙන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුවකින් අනතුරුවයි. එම ලිපිය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත යොමුකරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.  

මේ අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද කුට්ටිගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, දෙවරක් අයවැය පරාජයට පත්වුවත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල් සිය නිල රථය භාවිත කරමින් සිටින බවට චෝදනා කරමින්.



Update : Tuesday, 31 December 2013 - 7:29
--------------------------------------------------
නව සභාපති යටතේ කැස්බෑව අයවැය සම්මතයි.

Tuesday, 31 December 2013 - 15:45

නව සභාපතිවරයෙකු යටතේ ඉදිරිපත් කළ කැස්බෑව නගර සභාවේ 2014 අයවැය අද වැඩි ඡන්ද 9 කින් සම්මත වුණා. මීට පෙර හිටපු සභාපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ අවස්ථා දෙකේදීම පරාජයට පත්වීම හේතුවෙන් නව සභාපති ලෙස සුමන රණවීර පත්කරනු ලැබුවා. අද අයවැය සඳහා ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡුන්ද 10 ක්ද විරුද්ධව එක් ඡන්දයක්ද ප්‍රකාශ වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අයවැයට ඡුන්දය දීමෙන් වැළකී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories