ෂැංග්‍රී-ලා සමූහය කොළඹ නගරය තුළ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් දියත් කරයි

Wednesday, 27 May 2015 - 9:47

%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොළඹ: ලොව සුප්‍රකට දේපළ සංවර්ධන හා හෝටල් ව්‍යාපාර සමූහයක් වන ‘ෂැංග්‍රී-ලා හෝටෙල්ස් ඇන්ඞ් රිසොර්ට්ස්’ සමූහය (Shangri-La Hotels and Resorts)  මේ වනවිට කොළඹ නගරය තුළ සුවිශේෂී සුඛෝපභෝගී බද්ධ නිවාස (Apartments)  ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කර තිබේ.

මෙසේ සුඛෝපභෝගී නිවාස පමණක් නොව හෝටල්, කාර්යාල, සාප්පු සහ ප්‍රදර්ශනාගාර යන සියල්ල එක්තැන් කරමින් ගාලූ මුවදොරට මුහුණලා ධබැ One Galle Face  නමින් අලූත්ම ෂැංග්‍රී-ලා ව්‍යාපෘතිය විවෘත වීමට නියමිත ය. ශ්‍රී ලාංකිකයන්ටත් විදේශිකයන්ටත් කොළඹ නගරයේ අසිරිය විඳගැනීමට ඇති හොඳම ස්ථානය බවට One Galle Face ඉක්මනින්ම පත්වෙනු ඇත.  

මහල් 50 ක් උසට විහිදෙන කුලූනු දෙකකින් සමන්විත One Galle Face හි සිට කෙනෙකුට ගාලූ මුවදොර පිටිය හා ඉන්දියන් සාගරය පමණක් නොව බේරේ වැවද ඇතුළුව නගරයේ අලංකාරය සිත් සේ දැකබලාගත හැකි වීම විශේෂත්වයකි. ඊට අමතරව බහුජාතික ෂැංග්‍රී-ලා හෝටල් සමූහය මෙරටට රැගෙන එන සුවිශේෂී සේවාවන් රැසක් රිසි ලෙසට විඳගැනීමටද මෙය දේශීය විදේශීය අමුත්තන් හට දොරටු විවර කරනු ඇත.

දිවා රාත්‍රි භේදයකින් තොරව පරිසරයේ සුන්දරත්වය දැකගත හැකිවන පරිදි ෂැංග්‍රී-ලා සුඛෝපභෝගී නිවාස නිර්මාණය වේ. එමෙන්ම මේවායේ ඇතුළත මෙන්ම පිටතද ඉතාමත් සිත්ගන්නාසුලූ ලෙස අලංකාර කෙරෙනු ඇත. මෙබඳු සුවිශේෂී තැනක වාසය කිරීම කාටත් විශාල අභිමානයක් වනු නොඅනුමාන ය. එපමණක් නොව සුපිරි වෙළඳසැලක්, සිනමා ශාලාවක් මෙන්ම ජාත්‍යන්තර තලයේ ප්‍රදර්ශනාගාර හා ආපනශාලා සහිත One Galle Face ප්‍රෞඪත්වයත් පහසුවත් එක්කරන සුවිශේෂී ස්ථානයක් ලෙස ලොව පුරා ජනප්‍රිය වනු ඇත.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ කාර්යාල සඳහා වෙන්වූ, ජාත්‍යන්තරය තලයේ පහසුකම් සහිත කුලූනක්ද ඉදිවීමයි. කොළඹ නගරය තුළ විශිෂ්ටතම පහසුකම් සහිත ස්ථානයක කාර්යාල පවත්වාගෙන යාමේ අවස්ථාව සමාගම් හා ආයතනවලට ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

”කොළඹ නගරයේ ජීවන රටාවට නව අරුතක් එක්කරන මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක් සමග එක්වීමේ අවස්ථාව ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක්. නවීන සමාජයේ ජීවන රටාවන්ට හොදින්ම ගැළපෙන පහසුකම් සමග සුවිශේෂී ව්‍යාපෘති හඳුන්වා දෙන සමාගමක් ලෙස ෂැංග්‍රී-ලා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා. ක්‍රමක්‍රමයෙන් සංචාරක අවධානය වැඩිවැඩියෙන් දිනාගනිමින් ඇති කොළඹ නගරය වැනි නගරයක් තුළ මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා.” විකුණුම් හා අලෙවි කටයුතු ප්‍රධානී (නිවාස) නෙලූකා ද අල්විස් මහත්මිය පැවසුවා ය.

One Galle Face හි මෙම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය ආයෝජකයන් හට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකි වේ. විශේෂ සන්නාමයක් යටතේ ශ්‍රී ලංකාව තුළ ඉදිකෙරෙන ප්‍රථම සුඛෝපභෝගී බද්ධ නිවාස ව්‍යාපෘතිය වන මෙය ආසියානු කලාපයේ හෝටල් හා නිවාස ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමේ මෙහෙයවීමෙන් ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘතියකි. එමෙන්ම මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයද පසුගිය වසර කිහිපය තිස්සේ සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගනිමින් සිටී. සාගරයට මුහුණලා, කොළඹ නගරයේ සුවිශේෂීම ස්ථානයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මෙරට වෙසෙන විදේශිකයන්ටත් විදේශ ආයෝජකයන්ටත් ලැබෙන මහඟු අවස්ථාවකි.

නිදන කාමර 2, 3 හෝ 4 කින් සමන්විත සුඛෝපභෝගී නිවාස 406 ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වනු ඇත. ඊට අමතරව තනි ඒකකයේ නිවාස 8 ක් සහ ඒකක දෙකේ නිවාස 8 ක් වශයෙන් Penthouse වර්ගයේ නිවාස 16 ක්ද ඉදිකිරීමට නියමිත වේ.  

ෂැංග්‍රී-ලා හෝටල් සමූහය සිය ප්‍රථම හෝටලය විවෘත කළේ 1971 වසරේ සිංගප්පූරුවේදී ය. හොංකොං කේන්ද්‍ර කරගත් එම සමූහය වර්තමානය වනවිට ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී හෝටල් සමූහයක් බවට පත්වීමට සමත් වී තිබේ. ආසියා පැසිෆික් කලාපය, උතුරු ඇමරිකාව, මැද පෙරදිග සහ යුරෝපය යන කලාපවල හෝටල් 85 ක හිමිකාරීත්වය සහ කළමනාකාරීත්වය උසුලන ෂැංග්‍රී-ලා සමූහය ලොව හොඳම හෝටල් සමූහ ව්‍යාපාරයක් ලෙස සැලකෙන අතර මේ වනවිට ෂැංග්‍රී-ලා රිසෝර්ට්ස්, ෂැංග්‍රී-ලා හොටෙල්ස්, ට්‍රේඩර්ස් හොටෙල්ස්, කෙරී හොටෙල්ස් සහ හොටෙල් ජෙන් යන සන්නාම යටතේ සංවිධානය වී තිබේ.

කෙරී ප්‍රොපර්ටීස් සහ ෂෑං ප්‍රොපටීර්ස් යන සහෝදර සමාගම් සමග එක්වී චීනය, මොංගෝලියාව සහ පිලිපීනය වැනි රටවල දේපළ සංවර්ධන කටයුතු සිදුකිරීමටද ෂැංග්‍රී-ලා සමූහය කටයුතු කර ඇත. Beijing Kerry Centre, Kerry Parkside Shanghai iy Shangri-La Centre Ulaanbaatar යනු එසේ ක්‍රියාවට නැංවූ ව්‍යාපෘති අතරින් සමහරකි. විවිධ අංග රැසක් එක්තැන් කරන මෙම ව්‍යාපෘතිවලට සුඛෝපභෝගී බද්ධ නිවාස, ජාත්‍යන්තර තලයේ පහසුකම් සහිත කාර්යාල, අලෙවිසල් හා ප්‍රදර්ශනාගාර ආදී අංග රාශියක් ඇතුළත් වී තිබේ.

ෂැංග්‍රී-ලා හි ලෝ ප්‍රකට සත්කාරය ශ්‍රී ලංකාව තුළදීද විඳගැනීමට One Galle Face  හිදී කාටත් අවස්ථාව සැලසෙනු ඇත. ඒ ඔස්සේ කොළඹ නගරයේ සුවිශේෂීත්වයට සහ ජීවන රටාවන්ට නව අරුතක් එක්වනු නොඅනුමාන ය.