රජයේ ණය බර අඩුවේ

Friday, 03 July 2015 - 8:02

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A
රජය මගින් ලබාගත් ණය ප්‍රමාණය මේ වසරේ පළමු කාර්තුව තුළ කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා. මහබැංකු වාර්තාවට අනුව මේ වසරේ පළමු මාස 4 තුළ රජය රුපියල් බිලියන 569.8 ක ණය ලබා ගෙන ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට වඩා 22.5% ක අඩුවීමක්. මෙම ණය ගැනීම්වලින් රුපියල් බිලියන 530.6 ක් දේශීය ණය වන අතර, රුපියල් බිලියන 39.2 ක් විදේශීය ණය ගැනුම්. දේශීය ගැනුම්වලින් රුපියල් බිලියන 291.3 ක් ණය ආපසු ගෙවීම් සඳහා යොදවා ඇති අතර රුපියල් බිලියන 182.7 ක් එම ණය පොලී සඳහා ගෙවා තිබෙනවා. මේ අනුව, වසරේ මුල් කාර්තුව තුළ රජය ලබා ගත් ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 278.5 ක් වනවා.