පළමු ෆේස්බුක් චන්ද්‍රිකාව 2016 දී

Tuesday, 06 October 2015 - 8:17

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+2016+%E0%B6%AF%E0%B7%93
2016 වසරේදී අභ්‍යාවකාශයට චන්ද්‍රිකාවක් යැවීමට ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස් බුක් නිර්මාතෘ මාක් සකබර්ග් සැලසුම් කරනවා.

ඒ සඳහා ප්‍රංශය කේන්ද්‍ර කොට ගත් ඉයු - ටෙල් - සැට් චන්ද්‍රිකා තාක්ෂණ ආයතනයේ සහාය ලබා ගන්නා බවයි ඔහු සදහන් කළේ.

ලොව අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශ ඉලක්ක කරගෙන චන්ද්‍රිකා පද්ධතියක් උඩු ගුවනේ රැදවීම ෆේස්බුක් නිර්මාතෘ සකබර්ග්ගේ අදහසයි. එමගින් ලෝකය එක් කිරීමට මෙන්ම අපේ ග්‍රහලෝකයෙන් පිටතට නෙත් විහිදුවීමට අවස්ථාවක් එළඹෙන බවයි ඔහු කියා සිටියේ.