සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සාර්ථකයි

Friday, 16 October 2015 - 14:20

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකානු ඩොලර් මිලියන 277.5 ක් වටිනා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මහබැංකුව මගින් නිකුත් කර තිබෙනවා. වසරකදී කල්පිරෙන ඩොලර් මිලියන 75 ක් වටිනා බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා ඩොලර් මිලියන 407.25 ක් වටිනා අයදුම් ලැබුණු බවයි මහබැංකුව ප්‍රකාශ කළේ. මීට අමතරව, වසර 3 යි මාස 3 කින් කල් පිරෙන ඩොලර් මිලියන 2 .5 ක බැඳුම්කර සහ වසර 4 යි මාස 8 කින් කල්පිරෙන ඩොලර් මිලියන 50 ක බැඳුම්කර ද මහබැංකුව මගින් නිකුත් කරනු ලැබුවා. මෙම බැඳුම්කර වෙන්දේසිය ඔක්තෝම්බර් 8 වනදා සිට 15 වනදා දක්වා පවත්වා තිබෙනවා. මීට පෙර මහබැංකුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියක් පවත්වනු ලැබූයේ පසුගිය අගෝස්තු මාසයේදීයි.