චීනයෙන් ලොකු වැඩක්

Tuesday, 03 November 2015 - 9:01

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
චීනය ප්‍රථමවරට මගී ගුවන් යානයක් හඳුන්වා දී තිබෙනවා. සී - 919 ලෙස නම් කර ඇති මෙම ගුවන් යානයට මගීන් 168 දෙනෙකු රැගෙන සැතපුම් 3444ක දුරක් අඛණ්ඩව ගමන් කළ හැකියි. ඊයේ මෙම නව මගී ගුවන් යානය හඳුන්වා දීමේ උත්සවය ෂැංහයි ගුවන් තොටුපළේදී පවත්වා ඇති අතර, ඊයේ දිනය තුළම ගුවන් යානා 517ක් සඳහා ඇණවුම් ලැබී ඇති බව චීන සිවිල් ගුවන් සේවාව ප්‍රකාශ කළා. චීනය මගී ගුවන් යානයක් නිපදවීම සැලසුම් කළේ 70 දශකයේ මාවෝ සේතුං යුගයේ සිටයි. මෙම මගී ගුවන් යානය මගින් බෝයිං සහ එයාර් බස් යන දැවැන්ත ගුවන් යානා නිෂ්පාදන සමාගම්වලට අභියෝගයක් එල්ල කිරීමට චීනය අපේක්ෂා කරනවා.