යුආන් IMF සංචිත විනිමයක් වෙයි

Tuesday, 01 December 2015 - 12:40

%E0%B6%BA%E0%B7%94%E0%B6%86%E0%B6%B1%E0%B7%8A+IMF+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චීනයේ යුආන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත විනිමයක් ලෙස නම් කර තිබෙනවා. එමගින් චීන විනිමයට ලෝක පිළිගැනීමක් හිමි වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. මූල්‍ය අරමුදලට නව විනිමයක් අවසන් වරට එක්වූයේ 2000 වසරේදියි.

ඒ, ජර්මානු මාක් සහ ප්‍රංශ ෆ‍්‍රෑන්ක් විනිමය වෙනුවට යුරෝ හඳුන්වා දීම සඳහායි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත විනිමය ලෙස ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු ඩොලර්, යුරෝ, ජපාන යෙන් සහ බ්‍රිතාන්‍ය පවුම් පමණයි.

නව තීරණය අනුව ඊට චීනයේ යුආන් විනිමය ද එක්වනු ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලෙගාඞ් කියා සිටියේ මෙම පියවර මගින් චීන ආර්ථිකය, ලෝක මූල්‍ය පද්ධතියට අන්තර්ග්‍රහණය වන බවයි.