එයාර්ටෙල් ඩයලොග් සමග එක්වීමට යයි

Friday, 12 February 2016 - 14:20

%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A9%E0%B6%BA%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමක් වන එයාර් ටෙල් සමාගම ඩයලොග් ආසිආටා සමාගම සමග එක්වීමට සුදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

මෙම එක්වීම තුලින් සිදුවන්නේ කොටස් හුවමාරු කර ගැනීමක් වනු ඇති බවට ද අනාවැකි පළවනවා.

බංග්ලාදේශයේ භාරතී එයාර් ටෙල් සමාගම සහ ආසිආටා ටෙලිකොම් සමාගම් මෑතකදී ඒකාබද්ධ වීමත් සමගයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ආසිආටා සමාගම මේවන විට කොළඹ කොටස් වෙළඳපොල තුල සියයට 83.32 කට වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියනවා.

එයාර් ටෙල් සමාගම සහ ඩයලොග් ආසිආටා සමාගම එක්වුවහොත් එය දැවැන්ත වෙනසක් වනු ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.