ජයන්ති සහ ජොහැන් එවරස්ට් තරණය සාර්ථකව අරඹයි

Friday, 29 April 2016 - 14:35

%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%80%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ජයන්ති කුරු උතුම්පල සහ ජොහැන් පීරිස් දෙපළගේ එවරස්ට් කඳු තරණය සාර්ථකව ආරම්භ වී තිබෙනවා.

සෙලාන් බැංකුවේ පුර්ණ අනුග්‍රහය මතයි ඔවුන් දෙදෙනා මෙම අභියෝගය ජය ගැනීමට සුදානම් වන්නේ.

ඔවුන් දෙදෙනා මේවන විට එවරස්ට් කඳු තරණයේදී මුහුණ දෙන අතිශය භයානක කොටසක් වන කුම්බු කොටස ද පසු කරමින් පළමු කඳවුරට ළගා වී තිබෙනවා.

මෙම කර්තව්‍යට උපකාරී වුයේ ඔවුන්ගේ මනා පුහුණුවයි.

ජයන්ති කුරු උතුම්පල සහ ජොහැන් පීරිස් දෙපළ සිය පළමු ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කලේ සැක සහිත බවක් පැවතිය ද කිසිදු අවස්ථාවක බිය නොවු බවයි.

පළමු කඳවුරට පැමිණි ආකාරයෙන්ම සාර්ථකව ඉදිරි දින කිහිපයේදී දෙවන කඳවුරට යාමට සුදානම් බව ද ඔවුන් සඳහන් කරනවා.

\"\" \"\" \"\" \"\"