අයි එම් එෆ් ණය මුදලෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ 3ක්

Tuesday, 03 May 2016 - 8:23

%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B7%86%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+3%E0%B6%9A%E0%B7%8A
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදල මගින් මෙරට මූල්‍ය තත්ත්වය තුන් ආකාරයකින් සවිමත් කරන බව මූඩි ජාත්‍යන්තර විගණන ආයතනය ප්‍රකාශ කළා.

අයි එම් එෆ් ණය මුදල සහ ඉදිරියේදී අපේක්ෂිත බහුපාර්ශවික සහ ද්වි පාර්ශවික අරමුදල් මගින් මෙරට මූල්‍ය තත්ත්වය කෙරෙහි ඇතිවී තිබෙන පීඩනය ලිහිල් වීම පළමුවැන්නයි.

එමගින් බාහිර ද්‍රවශීලීතාවයක් ඇතිකිරීම ඊට හේතුවයි.

ජාත්‍යන්තර ණයකර වෙළදපොළට පිවිසීමේදී ශ්‍රී ලංකාවට වඩාත් හිතකර කොන්දේසි ඉදිරිපත් කිරීමට මෙමගින් හැකියාවක් ලැබෙන බව ද මූඩි විගණන ආයතනය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කෙරෙහි ආයෝජක විශ්වාසය තහවුරු වීම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ තවත් ප්‍රතිඵලයක් ලෙස මූඩි ආයතනය සදහන් කළා.