තේ දළු නිෂ්පාදනය බසී

Monday, 23 May 2016 - 13:38

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
සතියකට ආසන්න කාලයක් පුරා දිවයිනට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 30 කින් පමණ පහත වැටී තිබෙනවා.

තේ කර්මාන්තශාලා හිමියන් සදහන් කළේ තේ දළු නරක් වීම දළු වේලීමේදී ඇති වන පසු අස්වනු හානි ආදී කරුණු මීට හේතුවී ඇති බවයි.

එමෙන්ම වැසි නිසා තේ දළු නෙළීම ද අඩුවී ඇති බව වාර්තාවනවා.