අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඩී.එස් සේනානායක විද්‍යාලයෙන් ගෙනගිය සත්ක්‍රියාව නන්දෙසින් පැසසුම්

Wednesday, 25 May 2016 - 6:46

%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
අයහපත් කාලගුණය සමඟින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අවතැන් වුණු අහිංසක ජනතාව වෙනුවෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුන්ගේ එකමුතුව ආධාර බෙදාදීමේ දැවැත්ත වැඩපිලිවෙලක් පසුගිය දින කිහිපය පුරාම අඛණ්ඩව සංවිධානය කර තිබුණා.

ඒ අනුව ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් ද්‍රව්‍ය මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය රැසක් පාසැලේ ගුරුභවතුන්ගේ, ආදි සිසුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ සහය ඇතිව එක්කාසු කොට අසරණ ජනතාවගේ කුසගින්න නිවාලමින් පහසුවෙන් ලඟා විය නොහැකි ස්ථාන අසලටම ගොස් ඔවුන්ගේ සැප දුක් විමසමින් ඒවා බේදා දීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම මෙම සත්ක්‍රියාව ඉදිරි දින කීපයේදීද නොකඩවා සිදු කිරීමට ඔවුන් අපේක්ෂා කරන අතර මේ සදහා සහයෝගය ලබාදුන් ජනතාවට ද ඔවුන් හදපිරි ස්තූතිය පිරනමන බවට පවසා සිටියා.


\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"