කොටස් වෙළදපොල පහළට

Friday, 27 May 2016 - 7:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළදපොලේ ගනුදෙණු ඊයේ (26) දිනයේදී අඩු ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළා.

සමස්ත දර්ශකය දිනය අවසනදී 6568 යි දශම 7 යි 6 ක් ලෙස සටහන් වූ අතර, එය අප්‍රේල් 29 වැනිදායින් පසු වාර්තා වූ අවම අගයයි.

විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 205 යි  දශම 8 ක කොටස් අලෙවි කළ අතර වසර තුළ ශුද්ධ විදේශ ආයෝජන ගණනය රුපියල් බිලියන 4 යි දශම 9 යි 1 ක්.

කොළඹ කොටස් වෙළදපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 398 යි දශම 1 ක් ලෙස සටහන් වුණා.