කොළඹට එල්.ආර්.ටී. දුම්රිය

Sunday, 31 July 2016 - 13:26

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස එල්.ආර්.ටී. හෙවත් සැහැල්ලු දුම්රිය පද්ධතියක් ආරම්භ කිරීමට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ජපාන රජයේ මූල්‍යාධාර හිමිවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට පෙර එල්.ආර්.ටී. හෙවත් සැහැල්ලු දුම්රිය පද්ධතියක් හෝ මොනෝරේල් පද්ධතියක් ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවූ අතර දැන් තීරණය කර ඇත්තේ එල්.ආර්.ටී. ක්‍රමය ක්‍රියාවට නැංවීමටයි.

කළකට පෙර කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ ට්‍රෑම් කාර්වලට සමාන එහෙත් ඊට වඩා වැඩි ධාරිතාවක් සහිත එල්.ආර්.ටී. දුම්රිය පද්ධතිය මගින් ආරම්භයේදී කිලෝමීටර් 25 ක දුම්රිය සම්බන්ධතා පද්ධතියක් සකස් කිරීමට නියමිතයි.

එමඟින් කොළඹ - කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, මරදාන, රාජගිරිය, බත්තරමුල්ල සහ මාළඹේ සම්බන්ධ කෙරෙනු ඇති.

මෙම සැහැල්ලූ දුම්රිය පද්ධතිය ප්‍රධාන දුම්රිය සහ බස් රථ ජාලය සමඟ සම්බන්ධ කිරීමටද සැළසුම් කර තිබෙනවා.

එල්.ආර්.ටී. සැහැල්ලූ දුම්රිය පද්ධතියට මූල්‍යාධාර සැපයීමට සූදානම් බව ජපාන රජයේ ආර්ථික වෙළඳ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හිරෝෆුමී කටාසේ තහවුරු කළේ යැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.