ආසියානු කොටස් වෙළඳපොළ ඉහළට

Tuesday, 18 October 2016 - 13:43

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ආසියානු කොටස් වෙළඳපොළවල අද දිනයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු අතර, තෙල් මිල ස්ථාවර වීම සහ ඩොලරය ශක්තිමත්වීම ඊට හේතුව ලෙස සැලකෙනවා.

ජපාන, ඕස්ට්‍රේලියානු සහ හොංකොං කොටස් මිල අද දින මෙලෙස වර්ධනයක් පෙන්නුම් කළේ පසුගිය සතියේ අවම අගයන් වාර්තා කිරීමෙන් අනතුරුවයි.

ආසියානු වෙළඳපොළේ බ්‍රෙන්ට් W.T.I බොරතෙල් මිල අද තවදුරටත් ඉහළ ගිය අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඩොලර් 1250ක් ලෙසයි.