හම්බන්තොට මහ ලේවායෙන් වැඩිම ලූණු නිෂ්පාදනයක්

Thursday, 20 October 2016 - 12:24

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට මහ ලේවායේ ඉතිහාසයේ වැඩිම ලූණු නිෂ්පාදනය මෙවර ලබාගැනීමට හැකිවී තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ දෙදහස් පන්සීයකට වැඩි ලූණු ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකිවූ බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙතෙක් ලැබූ වැඩිම ලූණු අස්වැන්න ලෙස සැලකෙන්නේ මෙටි‍්‍රක්ටොන් එක්ලක්ෂ දෙදහස් දහහතක ප්‍රමාණයක්. ඒ 2013 වසරේදියි.

පසුගිය කාලසීමාව තුළ පැවති වියලි කාලගුණය මෙලෙස ලූණු නිෂ්පාදනය වැඩිවීමට හේතුවී තිබෙනවා.