රුපියල වැටේ

Tuesday, 25 October 2016 - 8:21

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ආනයනකරුවන්ගෙන් ඩොලරය සදහා පැවති ඉල්ලූම ඉහළ යාම නිසා රුපියලේ අගය පහත වැටීමක් ඊයේ දක්නට ලැබුණා.

ඇමරිකානු ඩොලරයක් සදහා රුපියලේ අගය එහිදී සටහන් වූයේ රුපියල් 147 යි ශත 90 ත් 95 ත් අතර ප්‍රමාණයකයි. එමෙන්ම, රුපියලේ අගය ස්ථාවර කිරීම සදහා මහබැංකුවේ මැදිහත් වීමක් සිදුනොවූ බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, ආසියානු මූල්‍ය වෙළදපොලේ ඩොලරයේ අගය ඉහළ යාමක් ද ඊයේ දිනයේ දක්නට ලැබුණා. එය මාස 9 කින් ඉහළම අගය බවයි වෙළඳපොල වාර්තා සඳහන් කළේ.