ලොකුළුෑණු ගොවීන් අමාරුවේ

Thursday, 27 October 2016 - 12:38

%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
වෙළඳපොලේ දේශීය ලොකු ළුෑණු මිල පහත වැටීම හේතුවෙන් ළුෑණු ගොවීන් දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙනවා.

දැනට ලොකු ළුෑණු කිලෝවක තොග මිල සටහන් වන්නේ රුපියල් 40 ත් 65 ත් අතරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය සඳහන් කළේ දිනකට ලොකු ළුෑණු කිලෝග්‍රෑම් ලක්ෂ 10 ක් පමණ වෙළඳපොලට ලැබෙන බවයි.

කෙසේ වෙතත් ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 90 ත් අතර මිලක පැවතිය යුතු බව ගොවීන් පවසනවා.