කොටස් වෙළඳපොළ මාස 8කින් අවම අගයක

Tuesday, 29 November 2016 - 8:40

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ සටහන් කළේ මාස 8කින් අවම අගයන්.

ආයෝජකයන් පොලී අනුපාතික පිළිබඳ මහබැංකු තීරණය අපේක්ෂාවෙන් පසුවූ අතර, ඊයේ දිනයේ කොටස් වෙළඳපොළ මුළු පිරිවැටුම රුපියල් මිලියන 386.3කට සීමා වුණා.

සමස්ත දර්ශකය දිනය අවසන දී 6238.87ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඒ, පසුගිය අප්‍රේල් 7 වන දායින් පසු වාර්තා වූ අවම අගයයි.