ලංගමයට නව බස් රථ 1000 ක්

Thursday, 01 December 2016 - 8:12

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+1000+%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ දහසක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව ආසන 40 ත් 46 ත් අතර බස් රථ දහසක් මෙලෙස මිලදී ගැනෙනු ඇති.