කොටස් වෙළඳපොළ වර්ධනයක්

Tuesday, 06 December 2016 - 7:49

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ වර්ධනයක් පෙන්නුම් කළ අතර සති තුනකින් ඉහළම අගයන් සටහන් කළා.

ඒ, පසුගිය සතියේදී කොටස් වෙළදපොළ මිල ගණන් මාස 8කින් අවම අගයන්ට පත්වීමෙන් අනතුරුවයි.

සමස්ත දර්ශකය ඊයේ දිනය අවසන දී 6368ක් ලෙස සටහන් වූ අතර, ඒ, නොවැම්බර් 15 වන දායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.

විශේෂයෙන් බැංකු කොටස් වල මිල ගණන් ඉහළ යාමක් ඊයේ දක්නට ලැබුණා.

විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 13.5ක කොටස් ඊයේ මිලදී ගත් අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියනය ඉක්ම වීමට සමත් වුණා.