ජලජීවී වගාව ප්‍රවර්ධනයට විශේෂ වැඩසටහනක්

Thursday, 08 December 2016 - 9:04

%E0%B6%A2%E0%B6%BD%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ජලජීවී වගාව වානිජ මට්ටමින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා.

2020 වනවිට එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 425 ක ඉලක්ක ගත ආදායමක් ලබාගැනීම එහි අරමුණයි.

ඊට අදාළව අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්ද පත්කර ඇති අතර, ව්‍යාපෘතියට සුදුසු ඉඩම් සහ ජලතීර තෝරාගෙන ඒවා සුදුසු ආයෝජකයන්ට ලබාදීමටද නියමිතයි.