කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන විධිමත් කිරීමට පියවර

Thursday, 08 December 2016 - 12:51

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
මේ වනවිට ජනප්‍රිය සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථාන බවට පත්ව ඇති කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම විධිමත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම පෞද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම තවදුරටත් විධිමත් කර ඒවා වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් යටතේ මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.