දෙහි මිලට සිදුව ඇති දේ

Thursday, 22 December 2016 - 8:34

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A
වාර්තාගත අන්දමින් මේ දිනවල දෙහි මිල ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් තම ආර්ථිකය ශක්තිමත් වී ඇති බවයි දෙහි වගාකරුවන් පවසන්නේ.

පසුගිය කාලසීමාව තුළ පැවති නියඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල දෙහි වගාවන්ට හානි පැමිණුන අතර, අස්වනු අඩුවීමට මෙය ඍජු ලෙස බලපා ඇති බව සඳහන්.

එම තත්ත්වය හමුවේ මේ දිනවල වෙළඳපොලේ දෙහි ගෙඩියක් රුපියල් 25 ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙහි ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් පවතින බවද වාර්තා වනවා.