ලොතරැයි අලෙවි නියෝජිතයින් අද සිට යළිත් වර්ජනයේ

Monday, 16 January 2017 - 8:29

%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
ලොතරැයි අලෙවි නියෝජිතයින් අද සිට යළිත් වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹේ කියා සිටියේ සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර මෙතෙක් නොලැබීම හේතුවෙන් යළිත් වර්ජනයකට  එළඹීමට තීරණය කළ බවයි.

ලොතරැයි පතක මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවීම සහ අලෙවි නියෝජිතවරුන්ට ලබාදෙන කොමිස් මුදල වැඩි නොකිරීමට එරෙහිව මීට පෙර ද ලොතරැයි අලෙවි නියෝජිතවරුන් දින 5ක් වර්ජනයක නිරත වුණා.

එම වර්ජනය අවසන් කෙරුණේ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මොවුන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙන බවට දුන් පොරොන්දුවක් මතයි.