බ්‍රිතාන්‍යයේ ස්ටර්ලින් පවුම කඩා වැටේ

Monday, 16 January 2017 - 14:05

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ සැලසුම පිළිබඳව අගමැතිනි තෙරේසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සැරසෙද්දී ස්ටර්ලින් පවුමේ අගය වාර්තාගත අන්දමින් පහත වැටී තිබෙනවා.

එය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පවුම් 1 යි 20 ක් ලෙස සටහන් වූ අතර, යූරෝ විනිමයට එරෙහිව ද මාස දෙකකින් අවම අගය සලකුණු කළ බවයි වෙළඳපොල වාර්තා සඳහන් කළේ.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පවුමේ අගය 1 යි 20 ක් වූ අතර, යූරෝ විනිමයට එරෙහිව එය 1 යි 13 ක් ලෙස සටහන් වුණා.

පසුගිය ජුනි මාසයේ පැවති යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ජනමත විචාරණයකින් පසු බ්‍රිතාන්‍යයේ ස්ටර්ලින් පවුමේ අගය සියයට 20 කින් පමණ පහත වැටුණා.