අලි බාබා සමාගම ලංකාවට

Friday, 20 January 2017 - 7:44

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබාගැනීම සඳහා සහය දක්වන ලොව ප්‍රකට චීන සමාගමක් වන අලි බාබා සමාගම මෙරට ආයෝජන කටයුතු සිදුකිරීම සඳහා කැමැත්ත පළ කර තිබෙනවා.

එහි සභාපති ජැක් මා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

1991 වසරේදී ආරම්භ කරන ලද අලි බාබා සමාගමේ දල වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබෙනවා.