තවත් බැඳුම්කර වෙන්දේසියක්

Friday, 20 January 2017 - 12:27

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු ඩොලර් මිලියන 458 ක් වටිනා බැඳුම්කර මහබැංකුව විසින් අලෙවි කර තිබෙනවා.

ස්ථාවර සහ විචලනය වන පොලී අනුපාතික යටතේ ඩොලර් මිලියන 225 ක් වටිනා බැඳුම්කර මෙලෙස නවතම වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අතර, ඒවා පියවීමේ දිනය වන්නේ ජනවාරි  23 වනදායි.

ඉහළ ඉල්ලුමක් ලැබුණු මෙම බැඳුම්කර නිකුතුවේදී වසරකින් කල් පිරෙන ඩොලර් මිලියන 225 ක බැඳුම්කර ස්ථාවර අනුපාතයක් යටතේ අලෙවි කර තිබෙනවා.

විචලනය වන අනුපාත යටතේ ද ඩොලර් මිලියන 115 ක බැඳුම්කර අලෙවි කළ බවයි මහබැංකුව සඳහන් කළේ.

ඊට අමතරව, වසර 3 යි මාස 2 කින් කල් පිරෙන ඩොලර් මිලියන 118 ක් වටිනා බැඳුම්කර මහබැංකුව විසින් අලෙවි කර ඇත්තේ ස්ථාවර අනුපාතයක් යටතේයි.