2017 ණය වාරිකය රුපියල් බිලියන 1480 යි

Friday, 17 February 2017 - 12:41

2017+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1480+%E0%B6%BA%E0%B7%92
2017 වසරේ ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය වශයෙන් ගෙවිය යුතු ණය වාරිකය රුපියල් බිලියන 1480 ක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

එහිදී ගෙවිය යුතු විදේශීය ණය වාරිකය රුපියල් බිලියන 609 යි දශම 4 ක් වන බවයි මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ගොනුකරමින් ප්‍රකාශ කළේ.

ඇමරිකානු මධ්‍යම සංචිතය මගින් පොලී අනුපාතික ඉහළ නැංවීමේ ප්‍රවණතාව හේතුවෙන් විදේශ ආයෝජකයන් මෙරට කොටස් හා බැඳුම්කර විකිණීම ද අහිතකර ලෙස බලපා ඇති බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම තත්ත්වය යටතේ ජාත්‍යන්තර වෙළඳපොළට ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක් වටිනා බැඳුම්කර නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.