හම්බන්තොට ගිවිසුම වෙනස් වෙයි

Monday, 20 February 2017 - 13:20

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමඟ අත්සන් කෙරෙන ගිවිසුම සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ චීන සමාගමට සියයට 70 ක් සහ ලක් රජයට සියයට 30 ක අයිතිය හිමිවන පරිදි අදාළ ගිවිසුම නුදුරේදීම අත්සන් කරන බවයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහනුවර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ.

මීට පෙර රජයට සියයට 20 ක් සහ චීන සමාගමට සියයට 80 ක හිමිකාරිත්වය හිමිවන පරිදි අදාළ ගිවිසුම අත්සන් තැබීමටයි සැලසුම් කර තිබුණේ.