පොල් මිල ඉදිරියේ පහළට?

Monday, 27 February 2017 - 8:46

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7%3F
මේ දිනවල වෙළඳපොළේ ඉහළ ගොස් ඇති පොල් මිල එළඹෙන සිංහල - හින්දු අලූත් අවුරුද්දට පෙර පහළ යනු ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු  සහ පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා.

වෙළදපොලෙහි මේ දිනවල පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 60ත් 70ත් අතර මිලකටයි.

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය ඊට හේතු වී තිබෙනවා.

මේ අතර, පොල් මිල ඉහළ යාමත් සමඟ පොල් තෙල් මිල ද ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

දැනට පොල් තෙල් බෝතලයක් අලෙවි වන්නේ රුපියල් 250ත්, 280ත් අතර මිලකටයි.