දිගුකාලීන විදුලි ජනන සැළැස්ම ගැන මහජන අදහස් ලබාගැනීමේ පළමු අදියර ඇරඹේ

Friday, 10 March 2017 - 16:16

%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඉදිරි වසර 20ක කාලය සදහා සකස් කරනු ලබන දිගු කාලීන විදුලි ජනන සැළැස්ම සැකසීමට භාවිත කෙරෙන පදනම හා මුලික දත්ත ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පසුගියදා ඉදිරිපත් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙය ප්‍රසිද්ධියට පත් කර ඇති අතර විදුලි ඉල්ලුම ඉහල යාමේ වේගය, අනාගතයේදී අවශ්‍යවන විදුලි ධාරිතාව, ඉන්ධන මිල ගණන්, තාක්ෂණය, ආර්ථික සාධක වැනි කරුණු මෙයට ඇතුලත්ව ඇති බව සදහන්.

මෙම කරුණු සම්බන්ධයෙන් මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව සලසා ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ ඉදිරිපත් කරන යෝජනා හා අදහස් අවසානයේදී දිගුකාලීන ජනන සැළැස්ම අනුමත කිරීමේදී සැළකිල්ලට ගනු ඇති.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ ප්‍රකාශ කළේ දිගුකාලීන ජනන සැළැස්ම සකස් කිරීමේදී පාදක කරගනු ලබන දත්ත මහජනතාවගේ දැනගැනීම සදහා නිකුත් කල ප්‍රථම අවස්ථාව මෙය බවයි.