සීනි සහ කුකුළු මස් පාලන මිල ඉවතට, මිල ඉහළ යාමක් නැහැ - සීනි ආනයනකරුවන් කියයි

Tuesday, 14 March 2017 - 8:27

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7%2C++%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රජය විසින් පාලන මිල ඉවත් කළ ද මිල ඉහළ නොදමන බව සීනි ආනයනකරුවන් පවසනවා.

එමෙන්ම උත්සව සමයට සමගාමීව වෙළඳපොළෙහි සීනි හිඟයක් ඇති නොවන බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

සුදු සීනි සහ කුකුළු මස් සදහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය ඊයේ කටයුතු කළා.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ සුදු සීනි කිලෝග්‍රෑමයක් සදහා පනවා තිබූ රුපියල් 93 ක පාලන මිල ඉවත් කෙරෙන බවයි.

එමෙන්ම, සම සහිත කුකුළු මස් කිලෝවක් සදහා පනවා තිබූ රුපියල් 410 ක පාලන මිල ද රජය විසින් ඉවත් කර තිබෙනවා.

සම රහිත කුකුළු මස් සදහා මීට පෙර රුපියල් 490 ක පාලන මිලක් රජය විසින් පනවා තිබූ අතර, ඊයේ සිට එම පාලන මිල ද ඉවත් වන බව කර්මාන්ත වානිජ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

කෙසේ වෙතත්, පාලන මිල ඉවත් කළ සැණින් වෙළදපොලෙහි සීනි වල මිල ඉහළ නොයන බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.