හම්බන්තොට වරාය ගිවිසුමට අදත් කැබිනට් අනුමැතිය නැහැ

Tuesday, 21 March 2017 - 18:25

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පැවරීමට අදාළ සංශෝධිත ගිවිසුම විශේෂ ව්‍යාපෘති අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම විසින් අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය අනුකමිටුවක් පත් කළ බවයි වැඩබලන වරාය සහ නාවික කටයුතු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළේ.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග, සරත් අමුණුගම සහ ෆයිසර් මුස්තාෆා එම අමාත්‍ය අනුකමිටුවට අයත්.