උත්සව සමයේ භාණ්ඩ මිලදී ගන්නේ බලාගෙනයි

Wednesday, 05 April 2017 - 12:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
උත්සව සමයේදී රෙදි පිළි, විද්‍යුත් උපකරණ වැනි භාණ්ඩ මිලදී ගැනීමේදී අවධානයෙන් පසුවන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

විශේෂයෙන් තත්ත්වයෙන් බාල භාණ්ඩ වෙලදපොලේ පවතින බවට අඛණ්ඩව තොරතුරු ලැබීම ඊට හේතුව බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මීට අමතරව බොහෝ ප්‍රදේශවල උත්සව සමය වෙනුවෙන් ජංගම වෙළඳසැල් ද ඉදිකර තිබෙනවා.

කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල භාණ්ඩ අලෙවි කරන බවට පැමිණිලි ලැබෙන බැවින් ඒවායෙන් ද භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙසයි පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවට උපදෙස් ලබාදෙන්නේ.