කොළඹ තේ වෙන්දේසියේ වර්ධනයක්

Saturday, 08 April 2017 - 7:54

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ තේ වෙන්දේසියේ තේ මිල මාර්තු මාසයේදී වර්ධනයක් පෙන්නුම් කරනවා.

මාර්තු මාසයේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු මිලෙහි සාමාන්‍යය රුපියල් 638යි ශත 76ක් වූ අතර ඊට වසරකට පෙර එම මිල වූයේ රුපියල් 226යි ශත 74ක්.

ඒ අනුව මාර්තු මාසයේදී තේ මිල සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

එය මසක් තුළ දී වාර්තා වූ තේ මිලෙහි ඉහළම වර්ධනය බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

ඉහළ කඳුකරයේ තේ වර්ගවල මිලෙහි සාමාන්‍යය ද 2016 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව රුපියල් 212යි ශත 22 සිට රුපියල් 634යි ශත 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා.