අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක මූල්‍යාධාරයේ මීළඟ වාරිකය සඳහා විශේෂ සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිතයි.
මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අතර එහිදී ඔවුන් නියමිත ඇගයීම සම්පූර්ණ නොකළ බව සඳහන්.
මූල්‍යාධාරයේ මීළඟ වාරිකය හිමිවන්නේ අදාළ ඇගයීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ ජූනි මාසයේ ආරම්භ කෙරුණු නව මූල්‍යාධාරයට අදාළ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ නොවීම, ඇගයීම නතරවීමට එක් හේතුවක්.
මේ නිසා අදාළ කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා මේ මස අවසානයේ පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට දැඩි ප්රයත්නයක නිරතවීමට සිදුවනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.