කුරුඳු පැළ හිඟයට විසඳුමක්

Wednesday, 19 April 2017 - 8:18

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B3%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කුරුඳු වගාවේ පැළ හිඟයට විසඳුමක් ලෙස රිකිලි පැළ සැපයීම ප්‍රතිඵලදායක වී ඇති බව ජාතික කුරුඳු පර්යේෂණ ආයතනය පවසනවා.

කුරුඳු බීජවල පවතින හිඟයක් හේතුවෙනුයි මෙම රිකිලි පැළ හඳුන්වා දීමට ජාතික කුරුඳු පර්යේෂණ ආයතනය තීරණය කරනු ලැබුවේ.

වගා කාලසීමාව තුළ ප්‍රමාණවත් පැළ ලබාදීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.