ලෝක ආර්ථිකයේ ඉදිරි මඟ තීරණය කෙරෙන ඉහළ පෙළේ සමුළුවක් ඇමරිකාවේ වොෂින්ටන් නුවර දී දැන් ආරම්භ වී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මෙම සමුළුව පවත්වන්නේ සාමාජික රටවල් 189ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්. මුදල් අමාත්‍ය රවී කරුණානායක, මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය දරනවා.
ලෝක ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීම, ඵලදායීතාව ඉහළ නැංවීම, රටවල් රැසක් පෙළෙන අධික ණය බර සහ තිරසාර නොවන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.
මේ අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක මූල්‍යාධාරයේ මීළඟ වාරිකය සඳහා විශේෂ සාකච්ඡාවක් ද වොෂින්ටන් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිතයි.
මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අතර එහිදී ඔවුන් නියමිත ඇගයීම සම්පූර්ණ නොකළ බව සඳහන්.
මේ නිසා අදාළ කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා මේ මස අවසානයේ පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට දැඩි ප්රයත්නයක නිරතවීමට සිදුවනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.