විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තාගත ආදායමක් උපයයි

Thursday, 27 April 2017 - 16:46

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුල රුපියල් බිලියන 1.2ක මෙහෙයුම් ලාභයක් උපයා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එය පෙර වසර හා සැසදීමේදී සියයට 45ක වර්ධනයක් බවයි එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

2015 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙලක්ෂ 63,000ක් රැකියා සඳහා විදේශගත වී ඇති අතර, පසුගිය වසරේදී රැකියා සඳහා විදේශ ගත වී ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 43,000ක්.

මේ වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රමිකයන් 53,000ක් විදේශ ගත වී තිබෙනවා.