හම්බන්තොට වරාය ගිවිසුමට, ජාත්‍යන්තර විගණන ආයතනයකින් සහතිකයක්

Tuesday, 01 August 2017 - 13:25

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට වරාය, චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ස් සමාගමට දීර්ඝ කාලීනව බදු දීම තුළින් මෙරට ආර්ථිකය ශක්තිමත් වන බව මූඩි ජාත්‍යන්තර විගණන ආයතනය පවසනවා.

හම්බන්තොට වරාය වසර 99කට බදු දීමේ ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට හිමි වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්. එමගින් විදේශ සංචිත ශක්තිමත්වීම මෙරට ක්‍රයශක්තිය ඉහළ නංවන බවයි මූඩි විගණන ආයතනය පෙන්වා දෙන්නේ.

2019 සිට 2022 දක්වා කල් පිරෙන බැඳුම්කර ගෙවීම් සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවනවා.

මේ නිසා එම තත්වය හමුවේ රජයේ මූල්‍ය ද්‍රවශීලතාව පවත්වා ගැනීමට මෙම විදේශ මුදල් සංචිත වැදගත් වන බව මූඩි ආයතනය ප්‍රකාශ කළා.