හම්බන්තොට වරාය ආශ්‍රිතව නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්ඩලය චීන සමාගම් දෙකක් සමඟ සාකච්ඡා පවත්වන බව රොයිටර් වාර්තා කළා.
ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වැය වන මෙම පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් ද ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
චීන සමාගම මගින් ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව හම්බන්තොට ඉදිකෙරෙන තෙල් පිරිපහදුව මගින් වාර්ෂිකව තෙල් ටොන් මිලියන 5ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි.
කෙසේ නමුත්, අදාළ සමාගම් තුනෙන් වඩාත් යෝග්‍ය සමාගම වෙත පිරිපහදුව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදෙන බවයි ආයෝජන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ.
ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට වරාය ආශ්‍රිතව අක්කර 500ක භූමි භාගයක් වෙන් කෙරෙනු ඇති.