සතොස වෙළඳසැල්වලට අමතරව සුපිරි වෙළඳසැල් ජාලයන්හි ද එළැඹෙන සඳුඳා සිට සහල් අඩු මිලට අලෙවි කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ සුපිරි වෙළඳසැල් ඒ සඳහා සිය කැමැත්ත ජීවන වියදම් කමිටුවට දැනුම් දුන් බවයි.
දැනට සියලුම සතොස අලෙවිසැල් මගින් අඩු මිලට සහල් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සුදු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 64 කටද, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 73 කටද, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 80 කටද අලෙවි කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
එමෙන්ම කැඩුණු සහල් රුපියල් 80 කට ඕනෑම සතොස අලෙවිසැලකින් ලබාගත හැකි බවයි එහි සභාපති ටී.එම්.කේ.බී.තෙන්නකෝන් සඳහන් කළේ.
ඒ අනුව දිවයිනේ පිහිටි අනෙකුත් සුපිරි වෙළඳසැල් එම මිලටම පාරිභෝගිකයින්ට සහල් ලබාදීමටයි එකඟතාවය පළ කර ඇත්තේ.