උද්ධමනය ඉහළ යයි

Tuesday, 24 October 2017 - 8:52

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය අගෝස්තු මාසයේ පැවැති උද්ධමනයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 8.6 දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 7.9ක් ලෙස සටහන් වී ඇති බවයි.

සැප්තැම්බර් මාසයේ උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර කාණ්ඩය සියයට 6.1කින් සහ ආහාර නොවන කාණ්ඩය සියයට 2.6ක දායකත්වයක් ලබාදී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.