සැප්තැම්බරයේ වාහන ලියාපදිංචිය පහළට

Tuesday, 24 October 2017 - 13:52

%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට නව මෝටර් රථ ලියාපදිංචිය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

මෝටර් රථ 2472ක් සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කර ඇති අතර, අගෝස්තු මාසයේදී ලියාපදිංචි කළ මෝටර් රථ සංඛ්‍යාව 3372ක්.

ඒ අතුරින් නව මෝටර් රථ ලියාපදිංචි කර ඇත්තේ 927ක් පමණයි.

අගෝස්තු මාසයේදී නව මෝටර් රථ 1279ක් ලියාපදිංචි කරනු ලැබුවා.

ත්‍රිරෝද රථ ලියාපදිංචිය ද සැප්තැම්බර් මාසයේ පහත වැටී ඇති අතර, යතුරුපැදි ලියාපදිංචිය තවදුරටත් ඉහළ මට්ටමක පැවති බවයි අනාවරණ වී ඇත්තේ.