මුදල් නෝට්ටුවලට අලුත් රෙගුලාසියක්

Wednesday, 29 November 2017 - 13:41

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිතාමතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු සඳහා දෙසැම්බර් මස 31 වන දායින් පසු කිසිදු බැංකුවක් ගෙවීම් නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළා.

හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා ද මෙම නියෝගය බල පැවැත්වෙන බවයි එහි ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව එලෙස විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද මුදල් නෝට්ටු තිබේ නම්, දෙසැම්බර් 31 වන දාට පෙර වාණිජ බැංකු වෙත ලබා දී හුවමාරු කර ගන්නා ලෙසයි මහබැංකුව ජනතාවට දැනුම් දෙන්නේ.