කෘමියා ගැන පහදන්න, වැවිලි ඇමති රුසියාවට

Friday, 15 December 2017 - 19:18

%E0%B6%9A%E0%B7%98%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන තේ ඇතුළු සියලූම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමට රුසියාව ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලක් රජය සූදානම් වනවා.

ඒ අනුව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක නුදුරු දිනෙකදී රුසියාව බලා පිටත්ව යනු ඇති. ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ එක් තේ තොගයක තිබී කෘමියෙකු හමුවීම මෙම තහනම පැනවීමට හේතුව ලෙස රුසියාව සඳහන් කළා.

රුසියාවට ආනයනය කෙරෙන තේ වලින් 23% ක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන්.

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා මාස 10 තුළ ශ්‍රී ලංකාව තේ ටොන් එක්ලක්ෂ 41,300ක් රුසියාවට අපනයනය කළ අතර, එමඟින් ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 436 ක්. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම සිද්ධියට පාදක වූ කෘමි විශේෂය සහල් ආශ්‍රිතව දක්නට ලැබෙන බවයි.

එය හුදකලා සිද්ධියක් බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ද එම අමාත්‍යාංශය කියා සිටියා.