තේ පොහොර මිල ඉහළට

Monday, 18 December 2017 - 13:45

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වෙළඳපොලේ තේ පොහොර මිල මේ දිනවල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙතෙක් රුපියල් 2850ක්ව පැවති කිලෝග්‍රෑම් 50 තේ පොහොර මිටියක් රුපියල් 500කින් ඉහල ගොස් ඇති බවයි පොහොර වෙළදුන් පෙන්වා දුන්නේ.

ඒ අනුව පොහොර සමාගම් කිලෝග්‍රෑම් 50ක තේ පොහොර මිටියක නව මිල ලෙස රුපියල් 3350ක් සටහන් කර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ මේ වනවිට වෙලඳපොළේ තේ පොහොර හිඟයක් ද පවතින බවයි වෙළදුන් ප්‍ර‍්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළා.

එහි සහකාර අධ්‍යක්ෂ සිසිර විජේසිංහ කියා සිටියේ සමාගම්වලට හිතුමතේ පොහොර මිල ගණන් ඉහල නැංවීමට හැකියාවක් නොමැති බවයි.

 දැනට වෙළඳපොලේ පවතින පොහොර හිඟය මගහරවා ගැනීමට පාකිස්තානයෙන් ආනයනය කළ පොහොර තොග මේ දිනවල ලැබෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.